දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් ගමන් වාර වෙන් කීරීමේදී මැරයනට ඉඩ නොදෙන්නැයි ඇමැති චන්ද්‍රසිරි ගජධිර හා නියෝජ්‍ය ඇමැති සනත් ජයසුරිය මහත්වරු මාතර බස් නැවතුම් පොළේදී මර්ගස්ථ මගී ප්‍රවාහන කොමිසමට උපදෙස් දුන්නේය.
ඔවුන් මෙහි පැමිණියේ ලක්ෂමී සජින්තා මහත්මිය තමා පදවන බසයට නියමිත ගමන් වාරයක් නොලැබෙතියි කියමින් අද(23)ආපදා සංඥා කුළුනට නැඟ විරෝධය පෑම නිසාය.
පැය හතරකට පමණ පසු ඇය බිමට බැස්සේ ගජධිර මහතා සහ ජයසුරිය මහතා ඇයගේ ප්‍රශ්නය විසදිමට ඉදිරිපත් වු පසුවය.
සඳුදා (24) සිට ඇයට ගමන් වාරයක් ලබා දෙන බව ඔවුහු කීහ.







