අධිවේගී අනතුරෙන් ව්‍යාපාරිකයා මරුට


දක්ෂිණ අධිවේගී මාර්ගයේදී සෙනසුරාදා සවස සිදුවූ රිය අනතුරෙන් වෑන් රථය පැදවූ කළුතර ව්‍යාපාරිකයකු මිය ගොස් ඔහුගේ දියණිය ගාලු රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

ව්‍යාපාරිකයාගේ බිරිය සහ පුතා ද රෝහලේය.

නියෝජ්‍ය ආදායම් කොමසාරිස්වරයකු රැගත් ජිප් රියක් වෑන් රියේ ගැටී මේ අනතුර සිදු වූ බව අධිවේගී මාර්ග පොලීසිය කියයි.

ජිප් රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන සිටී.