අධිවේගී අනතුරක්


දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹ සිට ගාල්ල දෙසට ගමන්කරමින් තිබූ වෑන් රියක් සහ ජීප් රථයක් කිලෝමීටර 86 කණුව ආසන්නයේදී එකිනෙක ගැටීමෙන් හතර දෙනකු තුවාල ලබා ඇල්පිටිය රෝහලට ගෙනගොස් එතැනින් කරාපිටියට යැවූ බව පොලීසිය කියයි. රෝහල් ආරංචිමාර්ග පවසන්නේ තුවාල ලබාඇති කාන්තාවකගේ තත්ත්වය බරපතල බවයි.