සිකුරාදා රාත්‍රියේ සිට දක්ෂින අධිවේගී මාර්ගයේ පැයට කිලෝමීටර් සියයේ වේගය ඉක්මවන රියදුරන්ට දඩ ගැසීමට යයි.
මෙම නීතිය දැඩි කිරීමට ආසන්න හේතුව වූයේ මාතර ඇලවේල්ලේ සහෝදරයෙකු හා සහෝදරියක පැයට කිලෝමීටර් 140 වේගයෙන් යාම නිසා සිදුවු අනතුරෙන් මරණයට පත් වීමයි.
සියයේ වේගය ඉක්මවන රියදුරනට රුපියල් දහසක දඩයක් නියම කෙරේ.
දැනට අධිවේගී මාර්ගයේ අදි වේගයෙන් ගමන් කිරීම නිසා අනතුරු අටකදී එකොලොස් දෙනෙක් මිය ගිය බව අධිවේගී මාර්ග පාලකයෝ කියති.
නියමිත වේගය ඉක්මවූ 50 දෙනෙකුට පමණ මීට කලින් නඩු පවරා ඇත.