අධිවේගයේ මුල් පැයේ ආදායම අට ලක්ෂයයි


අධිවේගී මාර්ගයේ ප්‍රථම පැයේ දී වාහන 3000කින් රුපියල් ලක්ෂ අටක් උපයා ගෙන ඇත.

මාර්ගය විවෘත කර මුල් පැය 13 දී වාහන 11000කින් ඉපයූ මුදල රුපියල් තිස් ලක්ෂයකි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මුල් දිනයේ උපයා ගත් මුදල මෙන් දෙගුණයක් දෙවැනි අධිවේගී මාර්ගයෙන් උපයා ගත් බව කටුනායක අධිවේගී මාර්ගයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආර් ඒ ඩී කහටපිටිය මහතා කියයි.