දක්ෂිණ අධිවේගී පොලිසිය හා මාර්ග මගී ප‍්‍රවාහන අධිකාරියේ නිලධරයෝ අද දින දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වූ පෞද්ගලික බස්රථ පින්නදුව පිවිසුම අසළදී විශේෂ පරික්ෂාවකට ලක් කළහ.
එම බස්රථ වල මාර්ග බලපත් පරීක්ෂාව හා වැඩිපුර මගීන් පටවාගෙන යන්නේදැයි පිරික්සීම මෙහිදී සිදුවිය.
පොලිසිය සමග එක්ව මෙළෙස බස්රථ පරීක්ෂා කළ ප‍්‍රථම අවස්ථාව මෙය බව මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ සභාපති එම්.ඒ.පී.හේමචන්ද්‍ර මහතා පැවසුවේය.
අඩුපාඩු හඳුනාගත් බස්රථ වල හිමිකරුවන්ට පොලිසිය සමග එක්ව නඩු පවරන බවද ඔහු කීවේය.





