අධිවේගයේ කැබ් රියක් ගිනි ගනී


දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල සිට දොඩංගොඩ බලා ධාවනය වෙමින් තිබූ කැබ් රථයක් හෝමාගම පොලිස් වසම ප්‍රදේශයේදී හදිසියේ ගිනි ගෙන ඇතැයි පොලිසිය කියයි.

ගිනි ගැනීමෙන් කැබ් රියේ ඉදිරිපස කොටසට හානි සිදුව ඇතැයි සඳහන්ය.

අනතුර සිදුවන අවස්ථාවේ රථයේ සිට ඇත්තේ රියදුරු පමණක් බවද ඔහුට කිසිදු අනතුරක් සිදුව නොමැති බවද පොලිසිය පවසයි.