අධිවේගයේ අනතුරු වැලක්


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ පිවිසුම ආසන්නයේ සිදුවූ අනතුරු වැලකින් වාහන විසි හයකට ආසන්න සංඛ්‍යාවකට අලාභ සිදු වී ඇතැයි දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි.

අලාබ වු වාහන අතර මෝටර් රථ 22 ආසන්න ප්‍රමාණයක් වන බව පොලිසිය සඳහන් කරයි.

ගාල්ල සිට කොළඹ බලා ගමන් ගත් වාහන කිලෝමීටර් 32 හා 35 අතර දී තැන තැන සිදු වූ අනතුරු හයකින් මෙම අලාභ සිදු වී ඇත.

සිදු වු අනතුරුවලින් කිසිවෙකුටත් තුවාල හෝ අධිවේගී මාර්ගයෙහි දේපළවලට අලාභ සිදු වී නැති අතර බහුතරයක් වාහනවල ඉදිරිපස සහ පිටුපස ප්‍රදේශවලට අලාභ සිදුවී ඇත.

වාහන අතර පරතරයක් තබාගෙන ධාවනය නොකිරීම හේතුවෙන් මෙම අනතුරු සියල්ල සිදුවී ඇතැයි එම පොලිස් නිලධාරියෙක් කීය.

දක්ෂිණ අධිවේගී රථ රථවාහන පොලිසිය පරීක්ෂණ පවත්වයි.