අධිවේගයට අධිවේගයෙන් ලක්ෂ පනහක්


දක්ෂිණ අධිවේගී මාර්ගයේ අද (15) උදේ හතෙන් අවසන් වූ පැය 24ට රුපියල් පනස් ලක්ෂයක ආදායමක් උපයා ගත්තේය.

වාහන 18300ක් එම කාලයේ ගමන් කළේය.

වැඩිම ආදායම ලැබුණේ පින්නදූවෙනි. එය රුපියල් ලක්ෂ 22කි.

එහි පිටවීමේ දොරටුවේ වාහන පෝලිම කිලෝමීටර් එක හමාරක් දුරට පැවතියේය.

ඇතුළුවීමේ දොරටු දෙකක් ද, පිටවීමේ දොරටු ලෙස පාවිච්චි කරමින් එම තදබදයට පිළියම් යෙදීය.

ඒ අනුව මුළු පිටවීමේ දොරටු ගණන පහක් විය