ශ්‍රී ලංකාවට ගෙන්වීම තහනම් කැර ඇති සී සී දහසේ අධි බළැති යතුරු පැදි දෙකක් ව්‍යාපාරික තරුණයන් දෙදෙනකු සමග අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලීසිය කියයි.
එකක් රුපියල් විසි දෙලක්ෂයක් වන මේ යතුරු පැදියක උපරිම ධාවන වේගය පැයට කිලෝමීටර් 550කි.
මෙම යතුරුපැදිවල ධාරිතාවය ගැන මොරටුව විශ්ව විද්‍යාලයෙන් වාර්තාවක් ලබා ගැනීමට ද නියමිතය.
අලුත්ගම මූලස්ථාන පොලිස් පරීක්ෂක කාවින්ද පියසේකර මහතා පරීක්ෂණ පවත්වයි.