රොමේෂ් මධුෂංඛ
මුලතිව් පුදුකුඩිඉරිප්පු මහා විද්‍යාලය ආසන්නයේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ කොඩියට සමාන කොඩියක් කිසියම් පිරිසක් විසින් අද (27) අලුයම රහසිගතව ඔසවා ඇති බවට මුලතිව් ආරක්ෂක අංශ පැවසීය.
පුදුකුඩිඉරිප්පු මහාවිද්‍යාලයට ආසන්නයේ පිහිටි මන්සන්ධියේ ඇති විදුලි කණුවක අදාළ කොටි සංවිධානයේ ධජයට සමාන වූ රතු පැහැති කොඩියක් එලෙස ඔසවා තිබියදී ප්‍රදේශවාසීන් දැක ඒ බව පුදුකුඩිඉරිප්පු පොලීසිය වෙතට දැනුවත් කර ඇත.
අදට යෙදී ඇති මහවිරු දිනය නිමිත්තෙන් කොටි හිතවාදීන් පිරිසක් විසින් රහසිගතව කලුවරේම එල්.ටී.ටී.ඊ කොඩියට සමාන කොඩියක් ඔසවන්නට ඇති බව මුලතිව් ආරක්ෂක අංශ පැවසූහ.
පසුගිය දා යාපනය මහේස්ත්‍රාත් එස්. සදීස්කරන් මහතා විසින් එල්.ටී.ටී.ඊ කොඩිය හෝ කිසිදු ලංඡනයක් මහවිරු සැමරුමට ප්‍රදර්ශනය කිරීම තහනම් කරමින් තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබීය.
කෙසේ වෙතත් අදාළ කොටි ධජයට සමාන වූ ධජය එසවූ පුද්ගලයින් කව්රුන්ද යන්න මෙතෙක් හෙළි වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් පුළුල් පරික්ෂණයක් අරඹා ඇති බවට ප්‍රදේශය ඉතා සාමකාමීව පවතින බවට පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.



