අධිකරණයට බාධා කළාට අත්හිටවූ සිර ඳඬුවමක්


අධිකරණයට  අපහාස වන අයුරින් අධිකරණය තුළ දී  කෑ ගසා  වැඩ කටයුතු වලට  බාධා කිරිමේ චෝදනාව මත සුදේශ් ප්‍රේමලාල්ට  වසර  එකහමාරක සිරදඩුවම වසර හතකට  අත්හිටුවීමට  කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා  ජයරත්න මෙනවිය අද (7) නියෝග කළාය.

සැකකරු වරද පිළිගැනීමෙන් පසු  ඔහුට  මෙම දඩුවම නියම විය. ඊට  අමතරව රුපියල් 1000 ක දඩ මුදලක් ද නියම කැරිණි.