අධිකරණ සේවා කොමිසමෙන් විනිසුරුවරුන්ට නිවේදනයක්


(මනෝප්‍රිය ගුණසේකර)

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් උද්ගතවු රටේ බිම් මට්ටමේ තත්ත්වය සැලකිල්ලට ගෙන, පාර්ශවයන්ට අහිතකර වන අන්දමේ නියෝගයන් දීමෙන් හැකිතාක් දුරට වැළකී සිටීමට අධිකරණ සේවා කොමිෂම සියලුම විනිසුරුවරුන්ට නියම කර ඇත.

අගවිනිසුරු ප්‍රීතී පද්මන් සූරසේන මහතාගේ උපදෙස් මත සියලුම විනිසුරුවරුන් සහ අධිකරණ නිලධාරීන් අමතමින් අධිකරණ සේවා කොමිෂමේ ලේකම් ප්‍රසන්න අල්විස් මහතා විසින් පසුගිය 30 වැනිදා එලෙස නියම කර ඇත.

රටතුළ උද්ගත වී ඇති තත්වය හේතූවෙන් මෙම සතියේදී කලින් තීරණය කර ඇති අධිකරණ කටයුතුවලට සහභාගී වීම අනිවාර්යද? යන්න පිළිබඳ බොහෝ දෙනෙක් කනස්සල්ල පළ කිරීම හේතූවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය,  අභියාචනාධිකරණය, මහාධිකරණ විනිසුරුවරුන්, ඇතුථ සිය`ථ විනිසුරුවරුන්ටද නීතිපතිවරයාටද අධිකරණ සේවා කොමිෂම එලෙස නියම කර ඇත.

රටේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විටත් ජනතාවගේ බොහෝ නිවාස ජලයෙන් යට වී ඇති බවත් දේපළවලට සැලකිය යුතු හානියක් සිදුවී ඇති බවත් බොහෝ දෙනෙකුගේ මරණ වාර්තා වී ඇති බවත් සමහර අධිකරණ ගොඩනැගිලි මෙන්ම මාර්ග ගණනාවක්ම තවමත් ජලයෙන් යටවීම හේතූවෙන් මිනිසුන්ට” නීතිඥයින්ට” අධිකරණ කාර්ය මණ්ඩල සාමාජිකයින්ට, පොලිස් නිලධාරීන්ට සහ අනෙකුත් රජයේ නිලධාරීන්ටද ගමන් කිරීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බවද රට තුළ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බවද පෙන්වා දෙන අධිකරණ සේවා කොමිෂම අදාළ දුෂ්කරතා හේතුවෙන්, අද (01) දිනයෙන් ආරම්භ වන සතිය තුළදී රටේ බිම් මට්ටමේ තත්ත්වය සැලකිල්ලට ගෙන, පාර්ශවයන්ට අහිතකර වන අන්දමේ නියෝග දීමෙන් හැකිතාක් දුරට වැළකී සිටීමට සියලුම විනිසුරුවරුන්ට නියම කර ඇත.

පවතින භූමි තත්ත්වය තක්සේරු කර සාමාන්‍ය අධිකරණ කටයුතු යළි ආරම්භ කිරීමට හැකි සෑම පියවරක්ම ගන්නා ලෙසද කොමිසම සිය`ථ විනිසුරුවරුන්ට උපදෙස් දී ඇත.