(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ වශයෙන් සේප්පුවක බහා තිබූ රුපියල් ලක්ෂ 23 ක ආසන්න මුදලක් අස්ථානගත වී ඇතැයි මාරවිල පොලිසිය කියයි.
මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය රාජකාරි අවසන් කර අධිකරණය වසා දැමීමට පෙර සේප්පුව පරීක්ෂාකර බැලූ අවස්ථාවේ සේප්පු ව තුළ බහා තිබූ රුපියල් ලක්ෂ 22 කට ආසන්න මුදලක් අස්ථානගත වී ඇති බව දැකඇතැයිද පොලිස් ආරංචි මාර්ග ආරංචි මාර්ග සඳහන් කරයි
මුදල් අස්ථානගත වීම සම්බන්ධයෙන් රෙජිස්ට්‍රාර්වරිය මාරවිල මූලස්ථාන පොලීසියට පොලීසියට පැමිණිලි කර ඇත
මෙම සේප්පුව භාරව නිලධාරියෙක් හා නිලධාරිනියක කටයුතු කරන බවත් රෙජිස්ට්‍රාර්වරිය පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් වන බව කියති
මොවුන් දෙදෙනා ද පොලීසියට කැඳවා මෙම මුදල් අස්ථානගත වීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට පොලිසිය කටයුතු යොදා ගෙන යයි

