අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කරන්න යයි


(බන්දුල ඉලේපෙරුම)

 

මෙරට අධිකරණ පද්ධතිය සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය කිරීම සඳහා අධිකරණ සේවා කොමිසම ව්‍යාපෘතියක් ඉදිරිපත් කර ඇති බව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා අද(2) පාර්ලිමේන්තුවේදී පැවසීය.


ඒ සමගි ජනබලවේගයේ හේෂා විතානගේ මහතා ඇසූ පැනයකට පිළිතුරු දෙමිනි.

 

එහිදී හේෂා විතානගේ මන්ත්‍රීවරයාගේ පැනයට පිළිතුරු දුන් අධිකරණ අමාත්‍යවරයා කියා සිටියේ පසුගිය වසරේ දෙසැම්බර් 31 වනවිට දිසා අධිකරණවල වසර 15කට වඩා කල්ගතව ඇති නඩු 8947ක් ද වසර 15-20ක් අතර කල්ගතව ඇති නඩු 3418ක් ද වසර 20කට වඩා පැරණි නඩු 4620ක් ද විසඳීමට ඉතිරිව ඇති බවයි.