(ඔගස්ටින් ප්‍රනාන්දු)
මාදම්පේ ජයරත්නගම පිහිටි නිවසක හිමාකාරත්වය බලෙන් ලබා ගත් කාත්නාවක ඉවත් කර එම නිවස සැබෑ හිමිකරුවෙත ලබා දීමට ප්‍රදේශය පුරා අධිකරණ නියෝගයක් මත අද (20) අඬබෙර ගසන ලදී.
මාදම්පේ පිංවත්ත (ජයරත්නග ) පදිංචි වන්නිනායක මුදියන්සේලාගේ හේරත් රත්නසිරි මහතා විසින් තම නිවස අන්දර පිංතුගේ පර්ල් බර්ණදෙත් පිංතු නමැත්තිය විසින් බලහත්කාරයෙන් අත්පත් කර ගෙන සිටිතැයි ද ඇය එම නිවසින් ඉවත් කර එහි අයිතිය තමන් වෙත ලබා දෙන ලෙසට ඉල්ලා හලාවත දිසා අධිකරණය හමුවට 2002 වසරේ දී පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.
එම පැමිණිලි විභාගයේ දී පැමිණිලිකරුගේ ඉල්ලීම පිළිගත් විනිසුරු ජගත් කහඳගමගේ මහතා වහාම නිවසින් ඉවත් වී පැමිණිලිකරු වෙත නිවස බාර දෙන ලෙස විත්තිකාරියට දැනුම් දී තිබුණි.
විත්තිකාරිය එම නියෝගය ට එරෙහිව කුරුණෑගල සිවිල් අභියාචනාධිකරණය හමුවට ඇපෑලක් ඉදිරිපත් කර තිබුණත් එම අධිකරණය ඇගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් හලාවත අධිකරණය දුන් නියෝගය ක්‍රියාත්මක කිරීම තහවුරු කළේය.
එම නියෝගය ඇය මෙතෙක් පිලිගෙන නොසිටි නිසා අද (20) අධිකරණ නියෝගයට අනුව අධිකරණයේ සිතාසි හා ඇස්කිසි ක්‍රියාත්මක කිරීමේ නිලධාරී වන එස්.ජේ. වාස් මහතා අඬබෙර කරුවෙකු යොදවා ඉවත් කිරීමේ නියෝගය ප්‍රදේශය පුරා නිවේදනය කරවනු ලැබීය.