පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළු කිරීම 35කට සීමා කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝගය කඩ කරමින් ළමයින් 40ක් පන්තිවලට ඇතුළු කර ගන්නැයි අධ්‍යාපන අමාත්‍යංශය උපදෙස් දීම ගැන ඉදිරියේදී තීන්දුවක් ගන්නා බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම අද අදාල පාර්ශ්වයන්ට දැනුම් දුන්නේය.
ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කළ පැමිණිල්ලක් අනුව අද පැවැති විභාගයට අධ්‍යාපන අමාත්‍යංශයේ සහකාර ලේකම් හේමන්ත ප්‍රේමතිලක මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.
අධ්‍යාපන අමාත්‍යංශ්‍ය කීවේ නීතිපති උපදෙස් ලබාගෙන ළමයින් සංඛ්‍යාව වැඩි කළ බවයි.
ගුරු සංගමය කීවේ නීතිපති උපදෙස් අනුව අධිකරණ නියෝගයක් කැඩිය නොහැකි බවයි.




