මහර බන්ධනාගාරයේ අඩුපාඩු සොයා බැලීමට අද (19) උදේ එහි ගිය අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා එහි රිමාන්ඩ් භාරයේ සිටින හිටපු නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන මහතා බැලීමටද ගියේය.
ඔහු එහි යෑමට මද වේලාවකට කළින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාද සරණ ගුණවර්ධන මහතා බැලීමට එහි ගොස් බන්ධනාගාරයෙන් නික්ම ගිය බව දැනගන්නට ඇත.

