අධිකරණ ඇමැති ජිනීවා යයි


(අංජුල මහික වීරරත්න)

බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් පිලිබඳ කමිටුව විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදු කරනු ලබන පළමු කාලාන්තර සමාලෝචනය සඳහා සහභාගී වීමට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා  ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර බලා පිටත්ව හෙට (24) පිටත්ව යාමට නියමිතය.

ලබන 26 වැනිදා  මෙම සමාලෝචන රැස්වීම පැවැත්වේ.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, අතුරුදහන් වු තැනැත්තන් පිළිබඳ කාර්යාලය, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ ජිනිවාහි නිත්‍ය නියෝජිත කාර්යාලයේ උසස් නිලධාරීන් මීට සහභාගී වීමට නියමිතය.

ශ්‍රී ලංකාව 2016 වසරේ සිට බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීමේ සම්මුතියේ පාර්ශවකරුවෙකි.