අනීෂා මානගේ
බුන්දල ජාතික වනෝද්‍යානයට අයත් බූන්දල කලපුවේ ලොකු කුඩා මසුන් විශාල වශයෙන් අභිරහස් අන්දමින් මැරී ජලයේ පාවෙන බව ධීවරයෝ පවසති.
කොරලි,අල්ලු,ගොඩෙයි,කාවයියො,මඩාරන්,ආදන් හා වැලිගොව්වන් ආදී මත්ස්‍යයින් මෙලෙස මිය ගොස් සිටින ආකාරය දැකිය හැක.
කලපුවේ ජලය අපවිත්‍ර වීම නිසා මෙසේ මසුන් මියයෑමට හේතු වී ඇතැයි ධීවර ජනතාව කියති.
මේ හේතුවෙන් ධීවර පවුල් 200කට පමණ තම ජීවිකාව කර ගැනීමට නොහැකිව දැඩි ලෙස අසරණ වී සිටිති.
කිසියම් අපද්‍රව්‍යක් කලපුවට එක්වීම හේතුවෙන් මෙසේ සතුන් මිය යන්නට ඇතැයි ගොවීහු කියති. කලපුවේ ඇතැම් ස්ථානවල ලුණු මිදී ඇති ආකාරය ද දැකගත හැකිය.
මේ සම්බන්ධයෙන් බුන්දල ජාතික උද්‍යාන භාරකරුආර්.ජී.ආර්.එස්.රණතුංගමහතාගෙන් අප කළ විමසීමකදී ෆ්ලෙමින්ගෝස් වැනි ඉතා ජනප්‍රිය සංචාරක පක්ෂීන් දැක දැකබලා ගැනීමට බුන්දල ජාතික වනෝද්‍යානයට දෙස් විදෙස් සංචාරකයින් බහුල වශයෙන් පැමිණෙයි.
මෙලෙස ජලජ ජීවීන් මිය යාම සංචාරක කර්මාන්තයට මෙන්ම බුන්දල ජාතික උද්‍යානයේ ජෛව විවිධත්වයට ද දැඩි ලෙස බලපා ඇති බව පැවසීය. විවිධ පක්ෂීන් වර්ග 200ක් පමණ මෙම ජාතික වනෝද්‍යානය තුළ ජීවත්වන අතර මසුන් මිය යාම හේතුවෙන් සංචාරක කුරුල්ලන්ගේ පැමිණිමේ අඩුවීමක් ඇති විය හැකි බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.
ප්‍රදේශයේ පවතින වියළි කාලගුණයත් සමග බූන්දල කලපුවේ ජලය අඩුවීමත් බූන්දල ලේවායේ ලුණු නිෂ්පාදනය කර ඉවත් වන අප ජලය බූන්දල කලපුවට මිශ්‍ර වීමත් නිසා ජලයේ ලවණ සාන්ද්‍රණය වැඩි වීම නිසා මෙලෙස මසුන් මිය යා හැකි බවට සැකකරන බවද මේ පිළිබදව නාරා ආයතනය දැනුම්වත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් පරික්ෂණ කටයුතු සිදුකිරීමට බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය.