අධි තාක්ෂණික කැමරාවකින් දියවැඩියා රෝගීන්ගේ ඇස් පරීක්ෂා කරයි


රංජන් කස්තුරි

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධි තාක්ෂණික රෙට්නල් කැමරාවක් මගින් දියවැඩියා රෝගීන්ගේ ඇස් පරීක්ෂා කිරිමේ වැඩසටහනක් කොළඹ ජාතික අක්ෂි රෝහල ආරම්භ කර තිබේ.

මෙවැනි කැමරාවකින් දියවැඩියා රෝගීන්ගේ ඇස් පරීක්ෂාව ඉතා නිවැරදිව හා කෙටි කාලයක් තුළ සිදුකළ හැකි බව අක්ෂි රෝහලේ වෛද්‍යවරු පවසති.

දිවයිනේ ඕනෑම ප්‍රදේශයක ජිවත්වන දියවැඩියා රෝගීයකුට සතියේ වැඩකරන දිනක ජාතික අක්ෂි රෝහලට පැමිණ ඇස් පරීක්ෂා කරගත හැකි බවද ඔවුහු කියති.

මෙම ඇස් පරික්ෂා කිරිමේ විශේෂ වැඩසටහන ඔක්තෝබර් මස 21 වැනි දා දක්වා ක්‍රියාත්මක කෙරේ.