උතුරේ අධි ආරක්‍ෂිත කලාප ලෙස යුද හමුදාව යටතේ තිබූ ඉඩම් අක්කර දහසක් පමණ නැවත එහි මුල් පදිංචිකරුවන්ට ලබා දීමට රජය තීරණය කර ඇති බව බීබීසී ගුවන්විදුලිය වාර්තා කරයි.
කොළඹ ජනාධිපති මන්දිරය හා අරලිය ගහ මන්දිරය අවට අධි ආරක්‍ෂිත කලාපයේ ඇති ගොඩනැගිලි ද ජනතාවට නිදහස් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල කියයි.
උතුරු ප්‍රදේශයෙන් නිදහස් කරන අක්කර දහසක ඉඩම්වලින් අක්කර 220 ක යුද්ධයෙන් අවතැන් වූ පවුල් 1,022ක ජනතාව නැවත පදිංචි කරමින් ආදර්ශ ගම්මානයක් පිහිටුවීමට ද රජය තීරණය කළ ඇමැති කිරිඇල්ල පවසයි.
එම ඉඩම් නිදහස් කොට ජනතාවට පවරනු ලැබීමෙන් ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් එල්ල නොවන බව ද ඇමැති පවසයි.

