අධ්‍යාපනයේ ක්‍රීඩා අධ්‍යක්ෂක ඉවත් කරන්න අධිකරණයෙන් නියෝග


(තිළිණි ද සිල්වා)

අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂ ලෙස පත් කළ යුද හමුදා කර්නල්වරයා තාවකාලිකව එම ධූරයෙන් ඉවත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (27) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

ඔහු පත්කිරීම නීති විරෝධී බව කියමින් අධ්‍යාපන පරිපාලන නිලධාරීන්ගේ සංගමය ගොනු කළ පෙත්සමක් විභාගයට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම අතුරු තහනම පැනවීය.