(රංජන් කස්තුරි)
ඉදිරි වසර 25ක කාලයක් සඳහා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කිරීමට කැබිනට් මණඩල අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කියයි.
ප්‍රතිසංස්කරණ යෝජනා සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත්කිරීමටත් එහිදී ජනාධිපතිවරයා යෝජනා කළ අතර ඊට අනුමැතිය හිමි වූ බව ද බන්දුල ගුණවර්ධන මහතා කීය.
ජනාධිපතිවරයා,අගමැතිවරයා සහ අධ්‍යාපන ඇමැතිවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළත් එම කමිටුව දස දෙනකුගෙන් සමන්විත බව ද අමාත්‍යවරයා කීය.

