මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව අවි අමෝරන පිරිස අතර ඉදිරියෙන්ම සිටින්නේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවයි. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ මෙහෙයවීමෙන් රජයේ විශ්ව විද්‍යාලවල වෛද්‍ය පීඨ අටම සහභාගී කරගෙන දිගින් දිගටම උද්ඝෝෂණ පැවැත්වීය. සයිටම් වෛද්‍ය විද්‍යාලයට මෙතරම් විරෝධයක් ඇයිද යන්න වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ සභාපති රයන් ජයලත් ගෙන් විමසීමු.
ප්‍රශ්නය - වෛද්‍ය ශිෂ්‍යයන් ඇයි සයිටම් ආයතනයට විරුද්ධ වෙන්නේ?
පිළිතුර - අපිට තිබෙන්නේ ප්‍රතිපත්ති සම්බන්ධ ප්‍රශ්නයක්. මූලික වශයෙන් අධ්‍යාපනය සහ සෞඛ්‍ය මුදලට විකුණනවා කියන ප්‍රතිපත්තියට අපි විරුද්ධයි. අධ්‍යාපනය හා සෞඛ්‍ය මූලික අයිතිවාසිකමක් විය යුතුයි. ඒ වගේම මේ ආයතනයේ ප්‍රමිතිය සම්බන්ධ ප්‍රශ්නයක් තිබෙනවා. අපි එය ද්විතීකව සලකන්නේ. මූලිකව තිබෙන්නේ ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක්.
ප්‍රශ්නය - සයිටම් ආයතනයට විරුද්ධ වෙන ඔබ ඇයි කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ වෛද්‍ය උපාධියට විරුද්ධ නොවෙන්නේ?
පිළිතුර - අධ්‍යාපනය සහ සෞඛ්‍ය විකිණීම ආණ්ඩුව ඇතුළේ සිද්ධ වෙනවද පිට සිද්ධවෙනවද කියා ප්‍රශ්නයක් නෑ. ඒත් එකට අපි විරුද්ධයි.
අධ්‍යාපනය විකුණන ව්‍යාපෘතියකට පෙළගැහෙනවා කියා අපි මුලදිම හඳුනා ගත්තා. කොතලාවල වෛද්‍ය පීඨයට විරුද්ධ වුණේ ඒ නිසයි. කොතලාවල වෛද්‍ය පීඨය ඇතුළේ විතරක් නෙමෙයි එම විශ්ව විද්‍යාලය ඇතුළෙත් අධ්‍යාපනය මුදලට විකුණනවා. අපේ මූලික සටන් පාඨයක් තමයි කොතලාවල ඇතුළු සියලු උපාධි කඩ අහෝසි කරනු කියන එක.
ප්‍රශ්නය - කැබිනට් ප්‍රකාශක නම් කිව්වේ කොතලාවල වෛද්‍ය උපාධිය දෙද්දි හිටපු ආරක්ෂක ලේකම්ට බයේ සියලු දෙනා නිශ්ශබ්දව සිටි බවයි.
පිළිතුර - සයිටම් ආයතනය ආරම්භ කරන කාලෙත් ආරක්ෂක ලේකම් හිටියේ ගෝඨාභය රාජපක්ෂ තමයි. සියලු දෙනා සයිටම් ගැන කතා නොකරන කාලෙත් අපි විරුද්ධ වුණා. පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කරන එකට විරුද්ධව අපි පාරට බැස්සා. රාජපක්ෂ ආණ්ඩුවෙන් මර්දනයට අපි මුහුණ දුන්නා. ශිෂ්‍යයන් දහස් ගණනකගේ පන්ති තහනම් වුණා. ශිෂ්‍ය නායකයන් දෙදෙනකු ඝාතනය කළා. මර්දනයන්ට මුහුණ දෙමින් තමයි අපි සටන අරගෙන ආවේ. ගෝඨාභය රාජපක්ෂට බයේ හිටියා නම් අපි සයිටම් සටන ආරම්භ කරන්නෙත් නෑ.
ප්‍රශ්නය - වෛද්‍ය පීඨවල ප්‍රමිතිය ගැන කියන්න ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නිර්දේශිත අවම ප්‍රමිති නිර්ණායක නෑ නේද?
පිළිතුර - නිර්නායක නෑ කියන එක අපි පිළිගන්නේ නෑ. එය බොරුවක්. සයිටම් ආයතනයේ ප්‍රමිතිය ගැන අපි ද්විතීකවයි සලකන්නේ. සයිටම් කියන්නේ ලාබ ලැබීම මූලික පරමාර්ථය කර ගත් උපාධි කඩයක්. ලාබ ලැබීම අරමුණු වුණ ගමන් ප්‍රමිතිය ගැන කතා කරලා වැඩක් නෑ. ප්‍රමිතිය රකින්න බෑ. එය අධ්‍යාපනය විතරක් නෙමෙයි හැම ක්ෂේත්‍රයකම ඇති වෙලා තිබෙන තත්ත්වයක්. අද කඩේකට ගිහින් ගුණාත්මක ආහාරවේලක් ගන්නවත් ලැබෙන්නේ නෑ. ප්‍රමිති පාලනය කියන දේ යථාර්ථයක් වෙලා නෑ.
අපේ අසල්වැසි ඉන්දියාවේ ලාභ ලැබීම අරමුණ කර ගත් උපාධි කඩ ආරම්භ වීමත් සමඟ සෞඛ්‍ය ක්ෂේත්‍රය බරපතල අර්බුදයකට මුහුණ දී තිබෙනවා. ඉන්දියාවේ වෛද්‍ය සභාව පවා දූෂිත ආයතනයක් බවට පත් වී තිබෙනවා. පහුගිය අවුරුද්දේ ඉන්දියාවේ වෛද්‍ය සභාවේ සභාපතිවරයා හිරේ හිටියේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකින් අල්ලස් ගැනීමකට. මීට අදාළව ඕන තරම් උදාහරණ කියන්න පුළුවන්.
ප්‍රශ්නය - වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරී මේකට විරුද්ධ වෙන්නේ ඔහුගේ දියණිය ඉවත් කළ නිසා බව ඇමැතිවරයෙක් කිව්වා. හැමෝම සයිටම් ආයතනයට විරුද්ධ වෙන්නේ පෞද්ගලික ගැටළු නිසාද?
පිළිතුර - අපිට පෞද්ගලික කාරණයක් නෑ මේකට විරුද්ධ වෙන්න. අධ්‍යාපනය ලැබීම අහිමි වෙනවා කියන්නේ මිනිස්සුන්ට ජීවත්වීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති වෙනවා. අධ්‍යාපනය මුදලට විකිණෙනවා කියන්නේ මිනිස්සුන්ට මුදල් වියදම් කරන්න වෙනවා අධ්‍යාපලනය ලබා ගන්න. තමන් කොච්චර දුරට ඉගෙන ගන්නවද කියන කාරණය තමන්ගේ අතේ තියන මුදල මත තීරණය කරන්න වෙනවා. පාසල්වලින් මුදල් අය කරනවා කියන ප්‍රශ්නය දැවැන්ත සමාජ ප්‍රශ්නයක් වෙලා. ලෝකේ අනිත් රටවලත් එහෙමයි. ආණ්ඩුවේ ඇමැතිවරුන් කියනවා අපි ළිං මැඩියොයි කියා. ලෝකේ අනිත් රටවල අධ්‍යාපනය පෞද්ගලීකරණය මිනිස්සු බාර අරං තියෙනවද? ඒ රටවලත් මෙය දැවැන්ත ප්‍රශ්නයක් බවට පත් වෙලා. තමන්ගේ පාඨමාලවට යන මුදල පියවා ගන්න තමන්ගේ ඇඟ විකුණන ශිෂ්‍යාවන් වෙනත් රටවල ඉන්නවා. මෙය මිනිස් සමාජය මුහුණ දෙන ඛේදවාචකයක්.
සයිටම් එකේ වෛද්‍ය උපාධිය විකුණන්නේ ලක්ෂ 120 කට. රටේ සාතිශය බහුතරයකට ඒවගේ මුදලක් වියදම් කරන්න බෑ. ආණ්ඩුව තවත් උපාධි කඩ ගේන්න හදනවා. සයිටම් කියන්නේ පෙරහැරේ මුලින් යන කසාකාරයො වගෙයි. තව විනාශ කාරී වැඩපිළිවෙළක් මේ පිටිපස්සේ තිබෙනවා. වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරීගේ දියණියගේ සිදුවීම ගත්තම ඇය අයින් වුණේ ආයතනයේ වංචාවක් නිසයි. සයිටම් ආයතනය මුල සිටම වංචාකාරී වැඩ කළේ. ඔවුන් පුවත්පත් දැන්වීම් පළ කළා වෛද්‍ය සභාව පිළිගත් ආයතනයක් කියා. වෛද්‍ය සභාව එය ප්‍රතික්ෂේප කරමින් දැන්වීම් පවා පළ කළා.
ප්‍රශ්නය - එවැනි දැන්වීම් පළ කිරීමට වෛද්‍ය සභාවට බලයක් නැහැ නේද? එය කළ යුත්තේ අමාත්‍යංශයෙන් නේද?
පිළිතුර - උසස් අධ්‍යාපන අමාත්‍යංශයට අවශ්‍ය විදියට සයිටම් හසුරවනවා කියලා රීතියක් ලෝකයේ නෑ. උසස් අධ්‍යාපන අමාත්‍යංශයට විශ්ව විද්‍යාල බාරයි. උසස් අධ්‍යාපන අමාත්‍යංශය විශ්ව විද්‍යාල පවත්වාගෙන ගියාට වෛද්‍ය විද්‍යාව කියන විෂයේ ප්‍රමිතිය උසස් අධ්‍යාපන අමාත්‍යංශය පවත්වාගත යුත්තේ වෛද්‍ය සභාවට අනුවයි. එය ලෝකේ පුරාම තිබෙන සම්මතයක්. වෛද්‍ය වෘත්තියට අදාළව ලෝකේ හැම රටකම පනත් තිබෙනවා. වෛද්‍ය ආඥා පනත මගින් තමයි ලෝකයේ හැම රටකම වෛද්‍ය සභාව බලාත්මක කරන්නේ. විශ්ව විද්‍යාලවලට ඕනෑ විදියට උපාධි දීලා වෛද්‍ය සභාවට බලපෑම් කරන්න බෑ ඒවා පිළිගන්න කියලා. වෛද්‍ය සභාවට පිටින් වෛද්‍යවරුන් බිහි කරන ලෝකයේ පළවෙනි රට බවට ලංකාව පත්වෙන්න හදනවා.
ප්‍රශ්නය - සයිටම් ආයතනය නියමිත ප්‍රමිතියට අනුකූලව ක්‍රියාත්මක වුණොත් ඔබ ඊට එකඟ වෙනවාද?
පිළිතුර - අපිට තිබෙන්නේ ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක්. ප්‍රමිතිය සම්බන්ධ ප්‍රශ්නයක් නොවෙයි.
ප්‍රශ්නය - ඒ තුනක් අරගෙනත් විශ්ව විද්‍යාලයට යා නොහැකි සිසුන් ඉන්නවා. දුෂ්කර පැතිවල සී දෙකක් සහ එස් සාමර්ථයක් ගත් විය විශ්ව විද්‍යාල සුදුසුකම් ලබන බව කියනවා. එය විශ්ව විද්‍යාල සුදුසුකම් නොබලන අයට අසාධාරණයක් නොවෙයිද?
පිළිතුර - ලංකාවේ පවතින අධ්‍යාපන පද්ධතියේ විශාල ප්‍රශ්න ප්‍රමාණයක් තිබෙනවා. දිස්ත්‍රික් කෝටා ක්‍රමය ගත්තොත් ප්‍රශ්න තිබෙනවා. දැනට විශ්ව විද්‍යාලවලට බඳවා ගන්නා ක්‍රමයේ ගැටළු තිබෙනවා. හැබැයි ඊට විසඳුම සයිටම් නොවෙයි. ලංකාවේ අධ්‍යාපනය නිසා අසාධාරණයට ලක් වෙන විශාල පිරිසක් ඉන්නවා. එයින් ඉතාම සුළු පිරිසකට විතරයි සයිටම් යන්න පුළුවන්. රජය මැදිහත් වෙලා වෛද්‍ය අධ්‍යාපන පුළුල් කළ යුතුයි.
ප්‍රශ්නය - දැන් අධිකරණයෙන් තීන්දුවක් දී තිබෙනවා. එය නොපිළිගත්තොත් අධිකරණයට අපහාස කළා වෙනවා නේද?
පිළිතුර - අධිකරණයෙන් යම් තීරණයක් දී තිබෙනවා. නමුත් සයිටම් නිසා විශාල පිරිසකට අසාධාරණයක් වෙනවා. මේ රටේ ජනතාවගේ ජීවිතය පිළිබඳ ප්‍රශ්නෙදි කුමන බාධක ආවත් සටන් කරන්න සූදානම්. වෛද්‍ය සභාවේ ලියාපදිංචිය දීර්ඝ නොකළ වෛද්‍යවරු මෙහි සිටින බවට අපි පැමිණිලි කළා. තවම විමර්ශන නෑ. අවසර නැතිව මෘත ශරීර තබාගෙන ඉන්නා බවට පැමිණිලි කළා. තවම පරීක්ෂණ නෑ.

