අධ්‍යාපනය ගැන තීරණවලට දේශපාලනය ගාවගන්න එපා


 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අධ්‍යාපන ක්ෂේත්‍රය ගැන කරුණු ඉදිරිපත් කිරීමේදී මෙන්ම ක්‍රියාවෙන් කටයුතු කිරීමේදී  පටු දේශපාලන අරමුණුවලින් වැලකී කටයුතු කිරීම වැදගත් බව සමගි ජනබලවේගයේ පත් කළ මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතා පැවසීය.

රටේත් ලෝකයේත් වෙනස්වන රැකියා වෙළඳපොල ගැන මෙන්ම නූතන ලෝකයට අවශ්‍ය වන නවීන විෂයන් සහ අලුත් ශිල්පීය දැනුම  පරපුරට ලබාදිය හැකි අයුරින්  අධ්‍යාපනයේ වෙනස්කම් ඇතිකර ගැනීම  ප්‍රධාන වගකීමක් බවද බාකීර් මාකර් මහතා කීය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදය අමතමින් ඉමිතියාස්  බාකීර් මාකර් මහතා මෙි බව කීය.