ජාතික අධ්‍යාපන ආයතනයේ මීට දෙවසරකට පෙර පැවැත්වූ අධ්‍යාපනපති විභාගයේ දී විභාග වංචා සිදු කළැයි පසුගිය මාසයේ අවසන් කළ විමර්ශනයකින් තොරතුරු හෙළිවීමෙන් පසු එම ආයතනයේ අධ්‍යක්ෂවරයකුගේ සහ උපාධි අපේක්ෂිකාවක වූ ගුරුවරියකගේ වැඩ තහනම් කර ඇත.
අධ්‍යාපනපති උපාධියේ 2010/2011 අධ්‍යයන වර්ෂ සඳහා 2011 වසරේ දෙසැම්බර මස 22 සහ 23 දෙදිනයන්හි මේ විභාගය පැවැති අතර එම විභාගයේ එක් ප්‍රශ්න පත්‍රයක් වූ ‘පර්යේෂණ ක්‍රම ප්‍රශ්න පත්‍රය‘ සම්බන්ධයෙන් මතු වූ ගැටළුවක් ගැන කළ විමර්ශනයකදී එම විභාගයේ සිදුවූ බව කියන අක්‍රමිකතා රැසක් හෙළි වී තිබේ.
2013 පෙබරවාරි 22 දෙවැනිදා සිට 2013 ජුනි 15 වැනිදා දක්වා 16 දෙනකුගේ වාචික ප්‍රකාශ සහ ලිඛිත සාක්ෂි 33ක් ද, වෙනත් ලියැවිලි 15ක් ද උපයෝගී කරගෙන මේ විමර්ශනය පැවැත්වීය.
එම දීර්ග විමර්ශනයට අනුව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයකු එම විභාගයට පෙනී සිටි කොළඹ පාසලක ගුරුවරියකට විභාග වංචා කිරීම සඳහා වාතාවරණය සක් කර දී ඇතැයි විමර්ශන මණ්ඩලය නිගමනය කර ඇත.
එමෙන්ම එම විභාග අපේක්ෂකවරිය විභාග අවස්ථාවෙන් බැහැර වේලාවකදී හා බැහැර ස්ථානයකදී අධ්‍යාපනපති විභාගයේ අවසන් පරීක්ෂණයට ලියන ලද පිළිතුරුපතක් එම අධ්‍යක්ෂවරයා විසින් ඇය විභාග ශාලාවේ ලියන ලද පිළිතුරුපතක් ලෙස ආදේශ කර ඇගැයීම් ශාලාවට භාර දී ඇතැයි ද, වෙනත් ස්ථානයකදී ලියන ලද ප්‍රශ්න පත්‍රය අදාළ පිළිතුරුපත් ගොඩට එක් කිරීමේදී වෙනත් විභාග අපේක්ෂිකාවකගේ පිළිතුරුපතක් අස්ථාන ගත වී ඇතැයි ද, ඉන් පසු එම අධ්‍යක්ෂවරයා අස්ථාන ගත වූ ප්‍රශ්න පත්‍රය වෙනුවට වෙනත් පිළිතුරුපතක් ලියා දෙන ලෙස එම විභාග අපේක්ෂිකාවගේ නිවසට ගොස් දන්වා ඇතැයි ද විමර්ශනයේදී හෙළිවූ කරුණු වලට ඇතුළත්ය.
මෙම විමර්ශනය කරගෙන යාමේදී එම විමර්ශන මණ්ඩලයට නිරීක්ෂණය වී ඇත්තේ පෙර කී විභාග අපේක්ෂිකාව එම විභාගයේ ප්‍රශ්න පත්‍ර හතරටම විභාග ශාලාවෙන් බැහැරව හා විභාග දිනයෙන් පසු දිනක පිළිතුරු ලියා ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයකුට භාර දී ඇති බවයි.
එම අධ්‍යක්ෂවරයා තමාගේ වුවමනාවට හෝ වෙනත් අයකුගේ වුමනාවට එක් විභාග අපේක්ෂිකාවක එයින් සමත් කරවීම සඳහා විභාගය අවිධිමත් ලෙස හා අසංවිධිත ලෙස පවත්වා ඇතැයිද කියති.
මෙලෙස වංචාවන් ජාතික අධ්‍යාපන ආයතනය පිළිබව අපකීර්තියක් මහජනතාව තුළ ඇති කර ඇති බව ද විමර්ශන කමිටුවට නිරීක්ෂණය වී තිබේ.