රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ සිදුකළ යුතු ප්‍රතිසංස්කරණ සහ නව යෝජනා ඇතුළත් සාමාන්‍ය අධ්‍යාපනය පිළිබද ජාතික ප්‍රතිපත්තිය සදහා වූ යෝජනා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීම අද (26) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී සිදු විය.
අධ්‍යාපන ප්‍රතිපත්ති සම්බන්ධයෙන් රජයට උපදෙස්දීම සදහා පිහිටුවා ඇති ජාතික අධ්‍යාපන කොමිසන් සභාව සහ ජාතික අධ්‍යාපන ආයතනය එක්ව කරන ලද අධ්‍යයනයන් තුළ මෙම යෝජනා සකස් කර තිඛෙන අතර ජාතික අරමුණුවලට අදාළව දැනට සාර්ථකව ක්‍රියාත්මකවන ප්‍රතිපත්තිමය ප්‍රතිසංස්කරණ තවදුරටත් ශක්තිමත් කිරීමෙන් එහි අඛණ්ඩතාව පවත්වාගෙන යාමත්, අලූතින් පැනනැගෙන අවශ්‍යතා සහ අභියෝගයන්ට මුහුණදීමට හැකිවන පරිදි වෙනස්කම් ඉස්මතු කර දක්වමින් මෙම යෝජනා සකස් කර තිබේ.
130



