(අංජුල මහික වීරරත්න)
අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් ලෙස සේවය කළ ටී. ජෝන් ක්වින්ටන්ස් මහතා 2025-02-01 දින සිට විශ්‍රාම ලබා ඇත.
ඒ අනුව, එම තනතුර සඳහා දැනට අතිරේක අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් ලෙස සේවය කරනු ලබන අධ්‍යාපන පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනි ඩී. ඒ. සුභාෂිණි දෙමටගොඩ මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කිරීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.