මේ දවස්වල රොහාන්ව මිනිස්සු දකින අලුත්ම චරිතය ගැන කිව්වොත්?
ඔව්. මේ දවස්වල මාව අලුතින් දකින්න ලැබෙන්නේ කාණුවෙ ගෙදර රංජි විදිහට. ඒක ස්වර්වාහිණියෙ විකාශය වෙන ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගෙ “හාර කෝටිය“ ටෙලි නාට්‍යයේ එන චරිතයක්
කවුද කාණුවේ ගෙදර රංජි කියන්නේ?
වත්තෙ ඉන්න තරුණයෙක්. අනිත් අයට වඩා ටිකක් වෙනස් චරිතයක්. රස්තියාදුකාරයෙක්, තරුණයන්ට දුරාචාරය උගන්වන ගුරුවරයෙක්. අයථා ක්‍රමවලින් මුදල් උපයන්නෙක්. බොරු චණ්ඩියෙක්. ඒත් මට හිතෙන්නෙ ඔහු අභ්‍යන්තරයෙන් අහිංසකයෙක් වගේම දුප්පතෙක්.
කාලයක් තිස්සේම හාස්‍ය චරිත රඟපෑ ඔබට මෙවැනි සංකීර්ණ චරිතයක් රගපෑම චරිතය හාස්‍යයට ලක්කිරීමක් නේද?
මේ චරිතය තුළත් හාස්‍ය ගැබ් වෙලා තියෙනවා. ඔහුගේ ක්‍රියාකලාපයම හාස්‍යයට ලක්වන්නක්. මේ චරිතයත් ඉදිරියට විකාශය වෙනකොට චරිත ස්වභාවය තුළින්ම හාස්‍ය මතුවේවි. ඒත් ඒ හාස්‍ය රසයත් එක්ක මිනිස්සු මේ චරිත වලට සමීපවේවි. සමීප වුණාම තේරේවි ඒ ජීවිතවල ඛේදය
ඉස්සරට සාපේක්ෂව ටෙලිනාට්‍ය චරිතයක් හරහා ගුණාත්මක යමක් දිය හැකියි කියලා හිතනවාද ?
පුළුවන්. අපේ ටෙලිනාට්‍ය ඉතිහාසය තුළ ඒක ඔප්පු කරල තියෙනවා. හොඳ පිටපත් බිහිවෙනවනම් හොද අධ්‍යක්ෂකවරු ඉන්නවා නම් බැරි නැහැ. ඒ වගේම කැපවීම් කරන්න පුළුවන් උගත් නළු නිළියො ඉන්නවා නම්, අනුෂාංගික අංශයන් පිළිබඳ දැනීමක් ඇති පිරිසක් ඉන්නවා නම් කරන්න පුළුවන්.
ඉතින් අපිට ඒ සම්පත් තියෙනවනේ ?
ඒත් ඒවා නිවැරදි ලෙස එකතුවෙන්න ඕනේ. එතකොට ඉතා හොඳ නිර්මාණ බිහිවේවි. මම සතුටු වෙනවා සිවගුරුනාදන් මහත්මයා වගේ කෙනෙක් එක්ක ගුණාත්මක බවින් උසස් නිර්මාණවලට සම්බන්ධ වෙන්න ලැබුණු එක ගැන
ඒ කියන්නේ පවතින රැල්ලේ ටෙලිනාට්‍ය කලාව ඇතුළේ නවකයකුට මතුවෙන්න ඉඩක් තියෙනවා ?
ඔව්. කොච්චර නවකයො අද බිහිවෙනවද? පැවැත්ම තහවුරු කරගන්න වෙන්නෙ දක්ෂතාව කැපවීම මත.මගෙ අත්දැකීමෙ හැටියට මට මුණ ගැහුණු බොහෝ දෙනෙක් මට උදවු කරල තියෙනවා. විශේෂයෙන් සිවගුරුනාදන් මහත්මය මතක් කරන්න ඕනි. ඔහු තමයි මාව හරියට හඳුනගෙන මේ ක්ෂේත්‍රයේ අත්පොත් තිබ්බෙව්වෙ. ඒ වගේම සුරංජන් විජේනාම මහත්මයත් සිහිපත් කළ යුතුයි.
මේ දවස්වල කෙරෙන වේදිකා නාට්‍ය නිර්මාණ
මගේ අධ්‍යාපන කටයුතු නිසා මේ දවස්වල නම් මම වේදිකාවට සම්බන්ධ වුණේ නෑ.ඒත් මගෙ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා මේ වසරෙදි වේදිකා නාට්‍යයක් නිර්මාණය කරන්න.




