කොළඹ ආනන්ද, නාලන්ද සහ ඩී.එස් සේනානායක යන විද්‍යාල තුනෙහි ඇති වූ සිසු ගැටුම් ගැන කරුණු විමසීම සඳහා අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා එම පාසල් තුනේ විදුහල්පතිවරුන් අද හදිසියේම අධ්‍යාපන අමාත්‍යංශයට කැඳවීය.
මෙවැනි සිද්ධි ඇති නොවීමට විදුහල්පතිවරුන් වග බලා ගත යුතු යැයි අවධාරණය කළ අධ්‍යාපන ඇමැතිවරයා, යළි සිසු ගැටුම් ඇති වුවහොත් එහි වගකීම විදුහල්පතිවරයා බාර ගත යුතු බව දැනුම් දුන්නේය.
කොළඹ ආනන්ද, ඩීඑස් සහ නාලන්ද විදුහල්පතිවරුන්ට අමතරව ඉදිරියේදී මහා ක්‍රිකට් තරඟ පැවැත්වෙන ජාතික පාසල්වල විදුහල්පතිවරුන් ද අද (16) අධ්‍යාපන අමාත්‍යංශයට කැඳවා තිබිණි. ක්‍රිකට් තරඟ පැවැත්වීමේදී ගැටුම් ඇති නොවී සාමය පවත්වාගෙන යායුතු බවත්, තරග අතරතුර සිසු ගැටුම් ඇති වුවහොත් විදුහල්පතිවරුන් ඊට වගකිව යුතු බවත් අධ්‍යාපන ඇමැතිවරයා විදුහල්පතිවරුන්ට දැන්වීය.
පාසල්වල පන්ති මට්ටමෙන් පන්ති බාර ගුරුවරුන් සිසුන්ගේ ගැටළු ගැන අවධානයෙන් සිටිය යුතු බව අවධාරණය කළ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් ගුරුවරුන් දැනුම්වත් කරන ලෙස ද විදුහල්පතිවරුන්ට දැන්වීය.

