අධ්‍යාපන අමාත්‍යාංශයේ සිද්ධිය ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ප්‍රචණ්ඩකාරී ශිෂ්‍යයන්  අධ්‍යාපන අමාත්‍යාංශයට ඇතුළු වූ  අවස්ථාවේ දී අත්අඩංගුවට ගන්නා ලද ගුරු  මණ්ඩලයේ දෙදෙනා තමා මැදිහත් වී නිදහස් කරගත් බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ පාලි හා බෞද්ධ විශ්ව විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා පිරිසක් අධ්‍යාපන අමාත්‍යාංශයට කඩා වැදීමේ  සිද්ධිය සම්බන්ධයෙන් මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනී  රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය ප්‍රශ්නයක් මතු කළ අවස්ථාවේදීය.