හංවැල්ල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ ජයසිරි ආරියරත්න මහතාට ඉතිරි සල්ලි නොදී බැන වැදී බස් රියට යට කිරීමට උත්සාහ කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කඩුවෙල හංවැල්ල බසයක රියදුරා හා කොන්දොස්තර සැක පිට අත්අඩංගුවට ගත් බව හංවැල්ල පොලීසිය කියයි.
කොන්දොස්තරට දුන් රුපියල් තිහෙන් බස් ගාස්තුව වන රුපියල් විසිහතර අය කැරගෙන ඉතිරි මුදල් නොදුන් හෙයින් ගමනාන්තයේදී එය ඉල්ලු විට තමාට බැන වැදුණු බව අධ්‍යක්ෂවරයා පොලීසියට පැමිණීලි කැර ඇත.
ඉතිරි මුදල් නොදීම ගැන පැමිණිල්ලක් කිරීමට බසයේ අංකය ලියා ගැනීම සදහා බසය පිටුපසට ගොස් සිටීයදී බසය පසු පසට ධාවනය වු බවත් ඔහුගේ පැමිණිල්ලේ සඳහන්වේ.
රියදුරු හා කොන්දොස්තර අවිස්සාවේල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

