අධ්‍යක්ෂවරු දෙදෙනෙක් අත්අඩංගුවට


මීට දින විසි පහකට ඉහතදී කොළඹ වරායේ සී.එෆ්.එස් 1 ගුදමේ ගින්නට හේතු වූ රසායනික ද්‍රව්‍ය ගෙන්වූ සමාගමේ අධ්‍යක්ෂවරු දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා කියයි.

ගින්නෙන් රුපියල් කෝටි හැටකට අධික අලාභයක් සිදු විය.

ගින්න හට ගන්නා අවස්ථාවේ 411 දෙනකුගේ භාණ්ඩ ගුදමේ තැන්පත් කර තිබිණි.

ගිනි ගන්නා සුළු අන්තරායකර රසායනික ද්‍රව්‍යයක් බව දැන ඒ සම්බන්ධයෙන් ලිපි ගොනු ඉදිරිපත් නොකර මෙම රසායනික ද්‍රව්‍යය ගුදමේ තැන්පත් කර ඇතැයි පරීක්ෂණවලදී හෙලි විය.

කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වයි.