(සුජිත් හේවාජුලිගේ)
දියේ ගිලීම නිසා සිදුවන මරණ අවම කිරීම සඳහා ජාතික සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හිටපු නාවික හමුදාපති, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා පත්කර ඇත. ඔහු මෙම තනතුරට පත්කර ඇත්තේ දැනට දරණ තනතුරට අමතරවය.
මෙම පත්වීම පසුගිය සිකුරාදා (12) සිට ක්‍රියාත්මක වන බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය කීය.
2016 දී සහ 2017 දී දියේ ගිලීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව පිළිවෙළින් 760ක් සහ 678ක් වූ අතර මේ වසරේ මැද භාගය වනවිට මෙම මරණ සංඛ්‍යාව 412ක් වූ බව ද මෙම මරණවලින් වැඩි ප්‍රමාණයක් කොළඹ සහ ගාල්ල දිස්ත්‍රික්කවල මුහුදේ ගිලීමෙන් සිදු වූ ඒවා බවද එම කාර්යාලය පවසයි.
දියේ ගිලීම නිසා සිදුවන මරණ අවම කිරීමේ ජාතික සැලැස්මේ කොටසක් වශයෙන් ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ, වෙරළාරක්ෂක බළකායේ සහ සිවිල් ආරක්‍ෂක බළකායේ සාමාජිකයන් වැඩි පිරිසකට ජීවිතාරක්‍ෂක කටයුතු පිළිබඳව පුහුණුවක් ලබාදීම දැනටමත් අාරම්භ කර ඇත.