අදත් වැසි?


සඳුදාත් වැස්ස පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

පසුගිය දින කිහිපයේ දිවයින පුරා අධික වැසි හේතුවෙන් බොහෝ පිරිසකගේ දෛනික කටයුතු අඩාලවූ බව වාර්තාවේ.

අයහපත් කාලගුණය උතුරු ප්‍රදේශයට දැඩිලෙස බලපෑම හේතුවෙන් පවුල් රැසක් සහන කඳවුරුවල රඳවනු ලැබ සිටිති.

වායුගෝලයේ පවතින අඩුපීඩන තත්ත්වයක් හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවී ඇති බවත් හෙට දිනයේ නිරිත උතුරු හා නැගෙනහිර පළාත්වලට වැසි ඇතිවනු ඇතැයිද කාලගුණ දෙපාර්තමේන්තුව පවසයි.