අදත් මුළු රටේම විදුලිය ඇණ හිටි බව විදුලි බල මණ්ඩල ආරංචි කියයි.
අද පස්වරු 2.30ට පමණ රට පුරා විදුලිය විසන්ධි විය. පෙබරවාරි 25 වැනිදා ද දිවයින පුරා විදුලිය බිඳ වැටුණු අතර එදින දෙපැයකට ආසන්න කාලයක් කොළඹට ද අනෙකුත් ප්‍රදේශවලට පැය හතරකටත් වැඩි කාලයක්ද විදුලිය ඇණ හිට තිබිණි. ඒ පිළිබඳ සොයා බැලීමට කමිටුවක්ද පත් කැරුණු අතර කමිටු වාර්තාව මාසයකින් සපයන ලෙස නියම කැර තිබිණි.
එයින් දින 17කට පසු දෙවැනි වරටත් රටපුරා විදුලිය බිඳ වැටිණි.
හබරණ, උකුවෙල අධිබලැති විදුලි රැහැන් පද්ධතිය බිඳ වැටීම මීට හේතුව බව විදුලි බල ආරංචි කියයි. පැය 4කට පසු ටිකෙන් ටික විදුලිය යථා තත්ත්වයට පත්කරගෙන යන බවද මණ්ඩලය පවසයි.
බියගම උපපොළේද විදුලිය බිඳ වැටී ඇතැයි විදුලි බල මණ්ඩල ආරංචි කියයි.
ඡායාරූප හා වීඩියෝ - දීපාල් සිල්වා





