අදත් තැනින් තැනට වැසි


බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

එමෙන්ම වයඹ පළාතේ ද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි .

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ මධ්‍යම පළාත්වලත්, පුත්තලම, ත්‍රිකුණාමලය, මොණරාගල  සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. 55-60ක පමණ තද සුළං ඇතිවිය හැක.

තවද දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට පැ.කි.මී. 40-50ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.