අදත් තැනින් තැනට තරමක තද වැසි


ඌව පළාතෙත් මාතලේ, නුවරඑළිය, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

උතුරු, උතුරු - මැද සහ වයඹ පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි වාර කිපයක් ඇති වේ.

සෙසු ප්‍රදේශවල පස්වරු 2.00 පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැති ඇති විය හැකි අතර  ඇතැම් ස්ථාවලට මිලි මීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති වේ.