වායුලගෝලයේ පවතින කැළඹිලි සහගත තත්වය හේතුවෙන් අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේ දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
උතුරු , උතුරු මැද සහ නැගෙනහිර පළාත් වල සහ බටහිර වෙරළබඩ ප්‍රදේශ වල උදය කාලයේදී ද වැසි ඇති වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ
ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය.
නැගෙනහිර සහ උතුරු වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ වල ද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
සුළං ඊසාන දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 20-30 ක් පමණ වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැක. .
කාලගුණ විද්‍යාඥ (Duty Meteorologist),
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තූව (Department of Meteorology).

