මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති වී වසරක් සපිරීම නිමිත්තෙන් ජනතාවගේ ප්‍රශ්න කෙළින්ම ජනපතිට යොමු කිරීම සඳහා ‘ජනපති හද බිම - ජනපතිට කියන්න‘ වැඩසටහන අද ඇරැඹීය.
ඒ අනුව ඕනෑම දුරකතනයකින් 1919 අංකය අමතා අවශ්‍ය භාෂාව තෝරාගෙන අංක දෙක ඇතුළු කර ‘ජනපතිට කියන්න‘ සේවාව සමග සම්බන්ධ විය හැකි බව ජනපති ලේකම් කාර්යාලයය කියයි.
තැපැල් පෙට්ටිය 123 කොළඹ ලිපිනයෙන් තැපැල් මාර්ගයෙන් ද, [email protected] විද්‍යුත් ලිපිනයෙන් ද, tell.president.gov.lk වෙබ් අඩවිය ඔස්සේ ද, ස්මාර්ට් ජංගම දුරකතන ඔස්සේ ජනපතිට කියන්න ඇප්ලිකේෂන්ය මාර්ගයෙන් ද මෙම සේවාව හා සම්බන්ධ විය හැකි බව ජනපති ලේකම් කාර්යාලයය සඳහන් කරයි.
මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද එය විවෘත කැරිණි. ප්‍රථම දුරකතන ඇමතුමට ප්‍රතිචාර දැක්වූයේ ද ජනපතිවරයාය.















