අද සිට වැස්සේ අඩුවීමක්


දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින තද වැසි සහ සුළං තත්වය  අද සිට තරමක අඩුවීමක් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්තෙත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ.

වයඹ පළාතෙත් මාතනල් සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද පළාත්වලත් පුත්තලම, හම්න්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත්  තද සුළං ඇති විය හැකියි.