අද සවස හයේ සිට රූං ගා රට යන්න පුළුවන්


කටුනායක අධිවේගී මාර්ගය අද සවස හයේ සිට පොදු වාහන වෙනුවෙන් විවෘත කැරෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය කියයි.

පෑලියගොඩ සිට මිනිත්තු 20කින් කටුනායකට යෑමේ හැකියාව මේ මාර්ගය නිසා උදා වේ.

කාර්, ජීප්, ආසන නවයේ මගී වෑන් ආදිය සඳහා පෑලියගොඩ සිට කටුනායකට රුපියල් 300ක් ද, පෑලියගොඩ සිට ජැ-ඇළට රුපියල් 200ක‍් ද, ජා-ඇළ සිට කටුනායකට රුපියල් 200ක් ද ඇය කෙරේ.

ආසන නවයට වැඩි වෑන්, ආසන 9ත් 33ත් අතර බස් ආදිය සඳහා පෑලියගොඩ සිට කටුනායකට රුපියල් 450ක් ද, පෑලියගොඩ සිට ජා-ඇළට 350ක් ද, ජා-ඇළ සිට කටුනායකට රුපියල් 300ක් ද අය කෙරේ.

ආසන 33ට වැඩි බස්රථ, රෝද හයක් සහිත ලොරි, ට්‍රක් ආදී වාහන සඳහා පෑලියගොඩ සිට කටුනායකට රුපියල් 600ක් ද, පෑලියගොඩ සිට ජා-ඇළට රුපියල් 400ක් ද, ජා-ඇළ සිට කටුනායකට රුපියල් 300ක් ද අය කරේ.