
දිවයින පුරා බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
බස්නාහිර,සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇති වේ.
නැගෙනහිර පළාතේ,දකුණ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේ වැසි ඇති විය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග තරමක සුළං ද ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

