අද රෑටත් මුහුදු යන්න එපා


මන්නාරම සිට කොළඹ සහ ගාල්ල හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරැ සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ රළු සහ අනතුරුදායක වන බවත් පැයට කිලෝ මීටර 70 පමණ දක්වා සුළ‍ඟේ වේගය වැඩිවිහ හැකි බැවත් පවසන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය මුහුදේ යාත්‍රා කිරීමෙන් වළකින ලෙස ධීවර ජනතාවගෙන් ඉල්ලා සිටියි.  

දිවයිනේ නිරිත දිග කොටසේ නැවත වැසි සහ දිවයින අවට මුහුදු ප්‍රදෙශවල සුලං සහිත කාලගුණ තත්ත්වයක් ඇතිවිය හැකි බව බව ද බස්නාහිර සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත් වල ද පුත්තලම සහ කුරුණෑගල දිස්ත්‍රික්ක වල ද විටින් විට වැසි ඇතිවන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.