අද සවස හතරේ සිට පැය 12ක් දක්වා දිවයින ආශ්‍රිත වායුගෝලයේ කැලඹිලි ස්වභාවය නිසා අද රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි වැඩි වශයෙන් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. අපර භාගයේ සහ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ද, කඳුකරයට ඉතා තද වැසි ද ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය කියයි.
කඳුකරයට මිලිමීටර 150ට වඩා වැඩි වැසි ද විය හැකි බවත්, ගිගුරුස් සහිත වැසි ඇති වන විට තද සුළං ඇතිවීමට ඉඩ ඇති බව ද අකුණු අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යාඥයෝ උපදෙස් දෙති.

