(ඩයනා උදයංගනී)
දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලට අද (19) රාත්රියේ සිට දෙදිනක් පුරා තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව අද රාත‍්‍රියේත්, හෙට (20) සහ අනිද්දා (21) දිනවලදීත් තද වැසි අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙක් පැවසීය.
බොහෝ ප‍්‍රදේශවලට සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර මධ්‍යම, ඌව, සබරගමුව සහ උතුරුමැද, පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත‍්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 පමණ තද වැසි ඇති විය හැකි බව ඔහු සඳහන් කළේය.
උතුරු සහ වයඹ වෙරළබඩ ප‍්‍රදේශයන්හි තැනින් තැන උදෑසන කාලයේදීද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව එම ප‍්‍රකාශකවරයා කීවේය.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප‍්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.
දිවයින වටා මුහුදු ප‍්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර එම අවස්ථාවල මුහුදු ප‍්‍රදේශ ක්ෂණිකව රළු විය හැකි බැවින් ධීවර සහ නාවික ප‍්‍රජාව මේ සම්බන්ධයෙන් විමසිලිමත් විය යුතු බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.