අද රාත්‍රියේ බඩු මිල අඩුවෙයි ?


අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල අඩු කිරීමේ ගැසට් නිවේදනය අද මධ්‍යම රාත්‍රියේ නිකුත්කිරිමට නියමිත බව පාරිභෝගික අධිකාරිය පවසයි. දේශීය කිරිපිටි, පරිප්පු, කරවල වර්ග කිහිපයක්, කඩල, හාල්මැස්සන් ඇතුළු භාණ්ඩ මිල අඩුකරන බව අයවැය යෝජනා මගින් ඉදිරිපත් කර තිබිනි.

පාරිභෝගික අධිකාරිය පවසන්නේ එම මිල අඩුකිරීම් නොවැම්බර් 24 දින සිට ක්‍රියාත්මක වන පරිදි ගැසට් නිවේදනය නිකුත් කරන බවයි. ගැසට් නිවේදනය නිකුත් කිරිමෙන් පසු වැඩි මිලට අදාල භාණ්ඩ අළෙවි කරන ව්‍යාපරික ස්ථාන වැටලීමට කටයුතු කරන බව ද පාරිභෝගික අධිකාරිය පවසයි.