(යොහාන් භාසුර)
ලොකොමොටිව් ඔපරේටින්ග්ස් ඉංජිනේරු සංගමය ඇතුළු දුම්රිය වෘත්තීය සමිති කීපයක් ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් අද (5) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කරන බව එම සංගමයේ සභාපති චන්දන ලාල් මහතා පැවසීය.
ඒ අනුව දුම්රිය රියදුරු සංගමය දුම්රිය, නියාමක සංගමය සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරුවන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිති කීපයක් මෙම වැඩ වර්ජනයට එක්වන බවත් වර්ජනයට තවත් වෘත්තීය සමිති කිහිපයක් එක්වීමට නියමිත බවත් චන්දන ලාල් මහතා කීය.

