අද දිනට කොරෝනා මරණ 5 යි



 

රාගම පදිංචි පුද්ගලයකු නිවසේදීම කොරෝනා වයිරසය ආසාදනය වී මිය ගොස් තිබේ. 

මෙලෙස මියගොස් ඇත්තේ 48 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

අද දිනය තුළ වාර්තා වූ පස්වැනි කොරෝනා ආසාදිත මරණය මෙය වන අතර මින් පෙර තවත් මරණ 4 ක් වාර්තා විය.

මිය යාමට හේතුව ලෙස පශ්චාත් මරණ පරික්ෂණයේ දී දක්වා ඇත්තේ දීර්ඝ කාලීනව පැවැති පිළිකා රෝගී තත්ත්වය කොවිඩ් ආසාදනය වීමෙන් උත්සන්න වී ඇති බවයි.

මේ අනුව මිය ගිය මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 41 ක් දක්වා ඉහළ යන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා සදහන් කළේය.

සබැඳි පුවත් -  කොරෝනා මරණ 40 ට නගී